බිත්තරවල උපරිම සිල්ලර මිල රුපියල් 41ක් ලෙස පවත්වා ගැනීමට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය හා තොග වෙළෙඳුන් එකඟතාව පළකර තිබෙනවා.
පසුගියදා පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹුණු බවයි බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසා සිටියේ.
බිත්තරයක ෆාම් රේට් එක රුපියල් 35ත් 36ක මිලකට රදවා ගැනීමටත් බිත්තරයක සිල්ලර මිල රුපියල් 41ක සීමාවක රදවා ගැනීමටත් එම සාකච්ඡාවේදී එකඟතාවය පළ වූ බවයි.
පාරිභෝගික අධිකාරිය, වෙළඳ අමාත්‍යාංශය, සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර ඔවුන්ද එම මිලගණන්වලට එකඟතාවය පළකර තිබෙනවා.
ඉදිරියේදී උත්සව කාල සීමාව තුළත් මෙම මිලෙහි රඳවා ගැනීමට අපේක්ෂා කරන අතර ජනවාරී මාසය තුළ දී පවතින තත්ත්වය මත මිල තීරණය කිරීමට සූදානම් බවයි ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ.
Author: Lanka Hit News
Post Views: 10