එළඹෙන නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1136ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගතවූ පැය 24 ක කාලය තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 94ක්.
ඒ අතරින්, පැමිණිලි 939ක් විසඳා ඇති අතර තවත් පැමිණිලි 197ක් සම්බන්ධයෙන් ක්‍රියා කරමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
පසුගිය සැප්තැම්බර් මස 26 වැනිදා සිට ඔක්තෝබර් මස 30 වැනිදා දක්වා ලැබී ඇති මැතිවරණ පැමිණිලි සාරාංශ සටහනක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 1