සංචාරක ආකර්ෂණය දිනාගත් මුදුණත හිමෙන් වැසුණු ජපානයේ ෆූජි කන්ද වෙත මෙවර තවමත් හිම පතනය සිදුනොවීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වී තිබෙනවා.
වසර 130කට එහි පෙර හිමපතනය පිළිබද වාර්තා වීම ආරම්භ වුණු දා සිට, කදු මුදුණේ හිම රහිතව පැවති නවතම අවස්ථාවක් ලෙසයි එය සටහන් වුණේ.
සාමාන්‍යයෙන් ඔක්තෝබර් මස මුල වන විට ෆූජි කන්දට හිම පතනය වන නමුත් අසාමාන්‍ය ලෙස පැවති උණුසුම් කාලගුණය හේතුවෙන් මේ වසරේ මෙතෙක් එහි හිම පතනයක් වාර්තා වී නොමැත.
කෙසේ වෙතත්, ලබන සතිය වන විට කඳු මුදුණය හිම පතිත වනු ඇතැයි ජපාන කාලගුණ අංශය පුරෝකතනය කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 1