හොංකොං සික්සර්ස් ක්රිකට් තරගාවලියේ අද දින පැවැත්වූ ප්රථම තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායම ජයග්රහණය හිමිකරගෙන තිබෙනවා.
ඒ, ඕමානයට එරෙහිව පැවති තරගයේදී ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 04ක ජයක් ලබා ගනිමින්.
එමෙන්ම බංගලාදේශයට එරෙහිව ශ්රී ලංකා පිලි තරග කරන දෙවැනි තරගය අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතයි.
1992 වසරේදී ඇරඹුණු හොංකොං සික්සර්ස් තරගාවලිය 2017 වසරෙන් පසු සත් වසරක විරාමයකින් අනතුරුව මෙවර ඇරඹෙන අතර තරගාවලිය සඳහා රටවල් 12ක් සහභාගිවනවා.
එම කණ්ඩායම් මුලික වටයේදී කාණ්ඩ 4කින් තරග බිමට නියමිතයි.
2007 වසරේදී ශූරතාව දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම මෙවර මුලික වටයේදී D කාණ්ඩයෙන් තරග වදින අතර, ඊට ඇතුලත් සෙසු රටවල් වන්නේ බංග්ලාදේශය සහ ඕමානයයි.
ලහිරු මධුශංක නායකත්වය තරගාවලියට ශ්රී ලංකා කණ්ඩායම එක්වන අතර, කණ්ඩායමට ඇතුළත් සෙසු ක්රීඩකයින් වන්නේ ධනංජය ලක්ෂාන්, ලහිරු සමරකෝන්, නිෂාන් විමුක්ති, සඳුන් වීරක්කොඩි, තනුක දාබරේ සහ තරිඳු රත්නායකයි.
දින 3ක් පුරා පැවැත්වෙන මෙවර හොංකොං සික්සර්ස් ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සහ අවසන් මහා තරගය එළැඹෙන ඉරිදා පැවැත්වීමට නියමිතයි.