Global Platform For All Sri Lankans

Lanka Hit News

පාස්පෝට් පෝලිමේ ඉන්න රුපියල් 5000ක්..?

ගුවන් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල තවදුරටත් දිගු පෝලිම් දැකගත හැකි වනවා.

එහි පෝලිමේ ඉදිරි පෙළ ඉඩක් ලබාදීම සඳහා සංවිධානාත්මක පිරිසක් රුපියල් 5000ක් අය කරන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

දෛනිකව 2000කට ආසන්න සංඛ්‍යාව එම ස්ථානයේ පෝලීම් ගැසෙන බව සඳහන්.

ඉදිරි දිනයක් ලබා ගැනීම සඳහා ටෝකන් පතක් ලැබෙන්නේ 1000කට ආසන්න පිරිසකටයි.

එම පිරිස තුළට ඇතුළු කිරීම සඳහා ජාවාරම්කරුවන් විසින් රුපියල් 5000ක මුදලක් ලබාගන්නා බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර ‘P’ කාණ්ඩය යටතේ හිස් ගමන් බලපත්‍ර 50,0000ක් මේ වනවිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පසුගියදා ලැබී තිබුණා.

එම ප්‍රමාණයට අමතරව නොවැම්බර් මස අගභාගයේදී තවත් 100,000ක පමණ ප්‍රමාණයක් ලැබීමට නියමිතයි.

එමෙන්ම තවත් 750,000ක් ඉදිරියේදී ලැබීමට නියමිතව ඇති බව සඳහන්.

මෙම තත්ත්වය යටතේ මේ වනවිට දිනකට 1,600ක පමණ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

කොන්ස්ටාස්ට එරෙහි වුවාට කෝලිට දඩ නියම කරයි

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටාස් සමඟ මතභේදාත්මක තත්ත්වයක් ඇති කර ගැනීම හේතුවෙන් ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලිට ඔහුගේ තරඟ ගාස්තුවෙන් 20%ක

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads