සරම්ප නිවාරණ සතිය අද (04) ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
අද සිට ලබන 9 වැනිදා දක්වා දිස්ත්‍රික්ක 12ක් ආශ්‍රිතව වැඩසටහන ක්‍රියාත්මක බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ.
අද සිට සිකුරාදා දක්වා නිවෙස් , සේවා ස්ථාන හා උසස් අධ්‍යාපන ආයතන වෙත ගොස් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ සඳහන් කළා.
සරම්ප රෝගය නැවත ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් වසංගත රෝග තත්ත්වයන් සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් විවෘත කර ඇති අතර පෙරවරු 7.00 සිට පස්වරු 6.00 දක්වා එම ඒකකයෙන් ජනතාවට, සරම්ප ඇතුළු වසංගත රෝග පිළිබඳ තොරතුරු විමසීය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ මෙම දුරකථන අංකයන්ගෙන් බවයි සඳහන් වන්නේ..
0117446513 , 0117682722 , 011768 28 72 හෝ 0117682662
Author: Lanka Hit News
Post Views: 51