ජනාධිපතිවරණය තමා ජයගත් බව රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කළා.
ෆ්ලොරීඩා ප්රාන්තයේදී සිය පාක්ෂිකයන් අමතමින් ඔහු කියා සිටියේ, අමෙරිකාව විසින් පෙර නොවූ විරූ සහ බලගතු ජනවරමක් ලබා දී ඇති බවයි.
ඡන්ද විද්යාල නියෝජිතයින් 538න් 315ක ජයග්රහණයක් බලාපොරොත්තු වන බවද එහිදී ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර තිබෙනවා.
ඡන්ද විද්යාල නියෝජිතයින් 277ක බලය ඩොනල්ඩ් ට්රම්ප් විසින් මේ වන විට හිමි කරගෙන ඇති බව ෆොක්ස් පුවත් සේවය වාර්තා කළා.