මුන් ඔක්කොම යාලුවෝ මල්ලි’ යන පෝස්ටර් ව්‍යාපාරය සහ තමන් අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බව එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පවසනවා.
ඔවුන් මේ බව සඳහන් කළේ, සිය නිල සමාජ මාධ්‍ය ගිණුම්වල සටහනක් තබමින්.
කොළඹ නගරයේ මැතිවරණ පෝස්ටර් ගසා තිබූ ස්ථාන කිහිපයක ‘මුන් ඔක්කොම යාලුවෝ මල්ලි’ යනුවෙන් පෝස්ටරයක් අලවා තිබුණා.
ඒ සම්බන්ධයෙන් සමාජය මාධ්‍ය තුළත් කතා බහක් නිර්මාණයවී තිබූ බව සඳහන්.
මෙම පෝස්ටර් ව්‍යාපාරය තම පක්ෂය විසින් කළ බවට එම මාධ්‍ය තුළ මතයක් ගොඩනැගෙමින් පවතනි බවට නිරීක්ෂණය වූ බව ද එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පෙන්වා දෙනවා.
මෙරට දේශපාලන සම්බන්ධව ‘මුං ඔක්කොම යාලුවෝ මල්ලි’ යන මතයේ තමන් දැරුවත්, අදාළ පෝස්ටර් ව්‍යාපාරයට තම පක්ෂයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ වැඩිදුරටත් අවධාරණය කරන්නේ.