ජනාධිපතිවරයා ප්රමුඛ ජාතික ජන බලවේගය මැතිවරණ සමයේ ජනතාවට ලබාදුන් පොරොන්දු වහා ක්රියාත්මක කළයුතු බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ ප්රකාශ කළා.
දෙල්ගොඩ ප්රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රාජ්ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් වූ උදය සෙනවිරත්න වාර්තාව ආණ්ඩුව කඩිනමින් ක්රියාත්මක කළ යුතු බවයි.
පලපුරුදු අය පාර්ලිමේන්තුව වෙත යැවිය යුතු බවද ඔහු එහිදී සදහන් කළා.