2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අවසන් දිනය අදට (08) යෙදී තිබෙනවා.
ඒ අනුව, තමා රාජකාරී සිදුකරන ස්ථානයන්ට අදාළව දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදුකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
පසුගිය ඔක්තෝබර් 30 සහ නොවැම්බර් 01 සහ 04 යන දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්ය ආයතනවල ඡන්ද දායකයින්ට අද දිනයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.