Global Platform For All Sri Lankans

සෙලෙන්ස්කි සමඟ ට්‍රම්ප්ගේ ඇමතුමට එලෝන් මස්ක් එක් වෙයි

යුක්රේන ජනාධිපති Volodymyr Zelenskiy ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට සුබ පැතීමට දුරකතන ඇමතුමක් ලබා දුන් අවස්ථාවේ Tesla ප්‍රධාන විධායක නිලධාරී සහ ට්‍රම්ප්ගේ ප්‍රධාන ආධාරකරුවෙක් වූ Elon Musk එම ඇමතුමට සම්බන්ධ වූ බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා.

මැතිවරණයෙන් පසු දින විනාඩි 25ක් පුරා පවත්වා ඇති එම ඇමතුම අතරතුර, ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේන යුද්ධයට සහය දෙන බවයි පවසා ඇත්තේ.

ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා සැපයීම දිගටම කරගෙන යන බව එහිදී මස්ක් පවසා තිබෙනවා.

යුක්‍රේනයේ ආරක්ෂක ප්‍රයත්නය සඳහා අත්‍යවශ්‍ය වන Starlink චන්ද්‍රිකා සන්නිවේදන සේවා සපයන SpaceX එලෝන් මස්ක් ගේ ආයතනනයක්.

යුද කටයුතු සඳහා එම අන්තර්ජාල සේවාව චන්ද්‍රිකා ක්‍රියාකාරීත්වයට කෙතරම් වැදගත් දැයි සෙලෙන්ස්කි එහිදී ට්‍රම්ප්ට විස්තර කර තිබෙනවා.

වොෂින්ටන් පෝස්ට් වාර්තාවක් උපුටා දක්වමින් රොයිටර්ස් පවසන්නේ, මෙහිදී යුක්‍රේන ජනපති මස්ක්ගේ සේවාවන් අගය කරමින් නව ජනපති ට්‍රම්ප් සමග කතා කළ බවයි.

කෙසේ වෙතත් තම මැතිවරණ රැළිවලදී ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ තමා ජනපති වී පැය 24 ක් ඇතුලත යුක්‍රේන රුසියා යුද්ධය නවත්වා දමන බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads