සුවිශේෂී වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (09) ක්‍රියාත්මකව තිබුණා.
ඒ, ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ පිරිසිදුම රට බවට පත්කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘Clean Sri Lanka’ විශේෂ ව්‍යාපෘතියේ කොටසක් ලෙසයි.
බස්නාහිර පළාත ආශ්‍රිත වෙරළ තීරය පදනම්ව සංවිධානය වූ මෙම වැඩසටහන පොලිස් පරිසර කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා, කොළඹ දකුණ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අඹේපිටිය, කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති සී.අයි. දුෂ්මන්ත යන මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මකව තිබුණා.
මෙම කටයුත්ත සඳහා පොලිස් නිලධාරීන් සහ කම්කරුවන් කිහිප දෙනෙකුගේ සක්‍රීය සහභාගීත්වය දක්නට ලැබුණා.