නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 2348 ක් වාර්තාවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
පසුගිය පැය 24 තුළ මැතිවරණ පැමිණිලි160 ක් ලැබී ඇති බව සඳහන්.
පසුගිය සැප්තැම්බර් මස 26 වැනිදා සිට නොවැම්බර් මස 08 වැනිදා දක්වා ලැබී ඇති මැතිවරණ පැමිණිලිවලින් 1861ක් විසඳා ඇති බවයි සාරාංශ සටහනක් යොමුකරමින් කොමිෂන් සභාව පවසන්නේ.