බ්‍රසීලයේ සාඕ පවුලෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී කළ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මිය ගිය බව CNN පුවත් සේවය වාර්තා කරනවා.
සිද්ධියෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, කළු පැහැති වාහනයකින් පැමිණි ප්‍රහාරකයන් පස් දෙනෙකු පමණ ව්‍යාපාරික ඇන්ටෝනියෝ විනිසියස් ග්රිට්ස්බැච් වෙත වෙඩි තැබූ බව සඳහන්.
පසුව එම වාහනය ගුවන් තොටුපළ අසල අතහැර දමා තිබියදී සොයා ගෙන ඇති අතර, එය ප්‍රහාරයට යොදා ගත්තේ දැයි විමර්ශකයන් විසින් පරික්ෂණ පවත්වන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවල ව්‍යාපාරිකයාගේ සිරුර ගුවන් තොටුපළ පිවිසුමේ වැටී ඇති ආකාරය දැක්වෙන අතර, එම අවස්ථාවේ පර්යන්තයේ සිටි අනෙක් මගීන් ඒ මේ අත දිව ගොස් තිබෙනවා.
හමුදා පොලිසිය, සිවිල් පොලිසිය සහ මහාමාර්ග මුර සංචාර එම ස්ථානයට වහාම ප්‍රතිචාර දක්වා ඇති අතර, සාඕ පවුලෝ හි මිනීමැරුම් සහ පුද්ගලික ආරක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය මෙහෙයවන බව සඳහන්.