Global Platform For All Sri Lankans

Lanka Hit News

මේ දිනවල දරුවන් අතර පැතිරෙන භයානක රෝගය

 

දරුවන් අතර උණ රෝගයේ ඉහළ යාමක් මේ දිනවල වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

දින තුනකට ආසන්න කාලයක් උණ රෝගය පවතී නම්, ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් ක‍රන්නේ.

“පසුගිය දවස්වල නිරීක්ෂණය කරද්දි දුටු දෙයක් තමයි ළමයි අතර උණ රෝගය වැඩි වුණා. වෛරස් උණ රෝග තමයි වැඩි වෙලා තියෙන්නේ. කැස්ස, සෙම්ප්‍රතිශාව සමග තිබෙන උණක්. ඊට අමතරව ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමකුත් අපි දැක්කා. විශේෂයෙන්ම ඩෙංගු ගැන කල්පනාකාරි වෙන්න. මොකද ඩෙංගු මාරාන්තිකයි තාමත් 0.1%ක් හරි මරණයට පත්වෙන්න පුළුවන්. එ නිසා නිවස අතර පාසල් අතර පිරිසිදුව තබා ගන්න.

වෛරස් උණ රෝගය අපි දකිනවා දරුවෝ අතර. මෙතනදී ඉන්ෆ්ලුවෙන්සා වෙන්නත් පුළුවන්. ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝග ලක්ෂණ තියෙන වෙන වෛරස් උණක් වෙන්නත් පුළුවන්. ඒ නිසා කැස්ස, සෙම, සෙම්ප්‍රතිශාව උණ තියෙනවා නම් ඇඟ රිදෙනවා නම් වමනේ යනවා නම් මේක වෛරස් උණ රෝගයක්. දවස් තුනකට වඩා උණ තියෙනවා නම් අදාළ රුධිර පරීක්ෂණ කර ගන්න.”

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

කොන්ස්ටාස්ට එරෙහි වුවාට කෝලිට දඩ නියම කරයි

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටාස් සමඟ මතභේදාත්මක තත්ත්වයක් ඇති කර ගැනීම හේතුවෙන් ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලිට ඔහුගේ තරඟ ගාස්තුවෙන් 20%ක

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads