Global Platform For All Sri Lankans

Lanka Hit News

මහමැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන හැටි මෙන්න

 

සියලු ඡන්ද පෙට්ටි ඒ ඒ ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ලැබීමෙන් අනතුරුව පස්වරු 7.15න් පසුව ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතා සඳහන් කළේ, ඡන්ද ප්‍රතිඵල ලද විගස මැතිවරණ මහලේකම් කාර්යාලයේදී එම ප්‍රතිඵල නැවත පරීක්ෂා කර මාධ්‍යයට නිකුත් කරන බවයි.

මෙම ප්‍රතිඵල අවස්ථා තුනකදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

ප්‍රථමයෙන් ප්‍රතිඵල ආසන මට්ටමින් නිකුත් කෙරෙනවා.

ඒ සමග එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබාගන්නා මන්ත්‍රිධුර සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

ආසන්න මට්ටමින් ප්‍රතිඵල නිකුත්කිරීමත් සමගම සෑම ගණන්කිරීමේ මධ්‍යස්ථානයකම මනාප ගණන්කිරීම ආරම්භ කරන බව සඳහන්.

මනාප ගණන් කරනු ලබන්නේ ආසන ලබාගත් නැතහොත් මත්ත්‍රීවරු තේරීපත්වීමට සුදුසුකම් ලබන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල පමණක් බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.

ඒ හේතුවෙන් මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වීමට සුදුසුමක් නොලබන සියලුම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයන් එම ශාලා පරිශ්‍රයෙන් ඉවත් කරනු ලබනවා.

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

කොන්ස්ටාස්ට එරෙහි වුවාට කෝලිට දඩ නියම කරයි

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටාස් සමඟ මතභේදාත්මක තත්ත්වයක් ඇති කර ගැනීම හේතුවෙන් ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලිට ඔහුගේ තරඟ ගාස්තුවෙන් 20%ක

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads