ශ්රී ලංකා මැතිවරණ ඉතිහාසයේ ඡන්ද 716,715ක වාර්තාවක් තබමින් විජිත හේරත් ගම්පහ මුල් තැනට පත් වුණා
පාර්ලිමේන්තු මැතිවරණයකදී ශ්රී ලංකා ඉතිහාසය මේ වන විට වැඩිම මනාපය ලබා ගත් අපේක්ෂකයා ලෙස ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්රික් අපේක්ෂක විජිත හේරත් විසින් හිමි කරගෙන තිබෙනවා.
ගම්පහ දිස්ත්රික්කය නියෝජනය කරමින් ජාතික ජන බලවේගය සඳහා මන්ත්රී ආසන 16ක් හිමි වූ අතර සමගි ජන බලවේගය සඳහා හිමි වූයේ මන්ත්රී ආසන 3ක් පමණි.
මෙවර දෙවන වැඩිම මනාප ලබා ගත්තේ කොළඹ දිස්ත්රික්කයේ ජාතික ජනබලවේගයේ අපේක්ෂිකා අගමැති හරිනි අමරසුරිය මෙනවියයි. ඇය ලබා ගත් ඡන්ද ප්රමාණය වන්නේ 655,289 කි.
Author: Lanka Hit News
Post Views: 23