සහල් ප්රශ්නය විසඳීමට නම් මාස දෙකකට ප්‍රමාණවත් තරම් සහල් ආනයනය කරන්නැයි සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග හා සිල්ලර වෙළෙඳ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.
ඔවුන් ඉල්ලා සිටින්නේ, අතලොස්සක් වූ සහල් ව්‍යාපාරිකයින් ආරක්ෂා කරනවා වෙනුවට රජය ජනතාව ගැන සිතිය යුතු බවයි.
මේ අතර, වෙළෙඳපොළේ අද වන විට සුදු කැකුළු සහල් හිඟයක් ඇති වී තිබෙනවා.
එම තත්ත්වය සමග ඇතැම් සුපිරි වෙළෙඳසැල් සුදු කැකුළු සහල් අලෙවි කිරීමද සීමා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව, දිනකට සහල් කිලෝ 03කට වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.
එසේම, ඇතැම් වෙළෙඳසැල් සහල් අලෙවි කිරීමේදී මුදලට පමණක් සහල් අලෙවි කිරීමට පියවර ගෙන තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 3