Global Platform For All Sri Lankans

ෆේල් නොවී වැඩ කරන්නැයි ජනපති නව ඇමති මණ්ඩලය අමතයි..

 

වත්මන් අමාත්‍යවරුන් සිය රාජකාරියේදී ජනතාව වෙනුවෙන් සිදු කරන කාර්ය තුළීන් වත්මන් ආණ්ඩුව සමත් වනවාද අසමත්වනවාද යන්න තීරණය වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (18) නව කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම් දීමේ අවස්ථාවෙන් පසුව නව අමාත්‍යවරුන් අමතමින්.

ඒහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව සැප්තැම්බර් මස ගත් තීන්දුව තවත් ශක්තිමත් කිරීමට පොදු ජනතාව තීරණය කර මහමැතිවරණයේ ජය අප වෙත ලබා දුන් බවයි.

ඒ් මෙරට දේශපාලන සිතියම තිබුණේ උතුරට එරෙහි දකුණු දේශපාලනයත්, දකුණට එරෙහි උතුරේ දේශපාලනයක් නිර්මාණය වී තිබු අතර නමුත් මේ මැතිවරණ ප්‍රතිඵලය අනුව තේරුම් ගියේ තවදුරටත් බෙදීමට අවශ්‍ය නොවන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

ඒමෙන්ම උතුරු සහ නැගෙනහිර දකුණ ද පොදු ජනතාවගේ අභිලාශ වෙනුවෙන් වැඩ කල කාලයක් එළැඹ ඇති බව ජනාධිපතිවරයා කියා සිටියා.

තවද අපට ඡන්දය දුන්නත් නොදුන්නත් අප අපේක්ෂා කරන කාර්යන් ඔවුන්ගෙත් අරමුණු බවට පත්වන බව නිසැක බව ජනාධීපතිවරයා අවධාරණය කර සිටියා.

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන්නේ කොහොමද යන්න අප මේ රටේ ජනතාවට පෙන්නුම් කළ බව ඔහු කියා සිටියා.

මැතිවරණ කාල පරිච්චේදය තුළ ඉතා සාමකාමිව පවත්වන්න අයිතිය අප ලබා දුන් අතර මේ ජයග්‍රහණය සුවිශේෂි ජයග්‍රහනයක් බවත් දේශපාලන ව්‍යාපාරයක් හැටියට ගන්නා පලමු ජයග්‍රහණයක් බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

ලංකා ඉතාහාසයේ විදෙස් ගත ශ්‍රී ලංකීකයින්ගේ මැදිහත්වීමක් මෙම මැතිවරණයට සහාය දුන් බව ජනාධිපතිවරයා කියා සිටියා.

මැතිවරණයේදී අප දරණ මතය සමාජය වෙත ගෙනයාම කරා වගේම ස්වේච්ඡාවෙන් එම වගකීම කර‌ට ගත්ත තරුණ පිරිසක් සමාජය තුළ සිටි බවත් ඒ් තුළින් පෙන්නු කළේ අලුත් පරම්පරාවේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

විශාල උද්යෝගයෙන් ජනතාවගේ නැගිටිම අපි සොයා බැලිය යුතු බව ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.

නීතිය මෙන්ම ආර්ථික අතින් විශාල ලෙස පිඩාවට පත් කර ඇති ජන කණ්ඩායම් සිටින බවත් තව ද වෘත්තීකයින් තමන්ගේ කාර්ය භාරයන් ඉටු කර ගැනීමේ දී පිඩාවට පත්ව කණ්ඩායම් ද, ආගම් අනුව භාෂාව අනුව සංස්කෘතිය අනුව ශ්‍රී ලංකාව තුළ පිඩාවට පත් ජනතාව සිටින බව ජනාධිපතිවරයා කියා සිටියා.

මේ මැතිවරණයේ ප්‍රතිඵලය යනු නිදහස් අවශ්‍යතාවයේ ආමන්ත්‍රණය බව ජනාධිපතිවරයා කියා සිටියා. ඒ් නිසා ඒ් අපිට කිසිදු අවස්ථාවක් නෑ ඔවුන්ට කප්පමක් දී නිදහස් වන්නට අපි කළ යුත්තේ ජනතාවගේ නිදහස වෙනුවෙන් කැප කළ යුතුයි.

මෙරට පුනරුද නිර්මාණයක් කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

මේ ජයග්‍රහණය සඳහා දිර්ඝ කාලයක් පොර බැදු බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

අපේ අරමුණ ජයග්‍රහණය කිරීම සඳහා මැදිහත් වු අය සිටි බව අපේ ආරම්භ මෙන්ම අවසාන තෙක් අප වෙනුවන් වැඩ කිරිමට බොහෝ අය සිටි බව ඔහු අවධාරණය කර සිටියා.

බලයේ සීමා මායිම් සහ බලය හසුරවන කොටුවේ ප්‍රමාණය අප හොඳින් දන්නා බවත් දිර්ඝ කාලයක් තිස්සේ මේ ජයග්‍රහණය ලබා ගත් දේ නිවැරදිව හසුරවන්න අප වගකීමෙන් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

සාමාන්‍ය පුරවැසියෙකුට වඩා මන්ත්‍රීවරයෙකුට විශාල බලයක් තිබෙන අතර ඒහි සිමාමායිම් තියෙන බව ඒය හොදින් තේරුම් ගෙන කටයුතු කළ යුතු බව ජනාධීපතිවරයා අවධාරණය කර සිටියා.

ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ මෙහි සිටින බොහෝ දෙනා අමාත්‍ය මණ්ඩලයට, පාර්ලිමන්තුවට අලුත් වුනාට දේශපාලනයට අලුත් නැති බවත් ජනතාවට වඩා විශ්වාසනීයත් වැඩකටයුතු කරවි යැයි දැඩි විශ්වාසයක් අප තුළ ඇති බවයි.

දේශපාලන අරමුණු වෙනුවෙන් අප ව්‍යාපාරය පොර බැඳලා අවශ්‍යතාවය පුරවැසියන්ට ඒත්තු ගන්වා ඇති බව ඔහු කියා සිටියා.

අපි ආණ්ඩුකරණයේදී යහපත්ද අයහපත්ව යන්න අපි මැනිය යුතු බවත් අපේ ඉලක්ක සඳහා යහපත් ආණ්ඩු කරණය අවශ්‍ය බවත් අපේ සටන්පාඨවලට කොපමණ පණ පොවන්න හැකියාව ඇද්ද යන්න අප සොයා බැලිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads