Global Platform For All Sri Lankans

17 හැවිරිදි ඇෆ්ගන් දැරියට ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගය

කැනඩාවේ වෙසෙන ඇෆ්ගනිස්ථාන ස්වදේශිකයෙකු වන 17 හැවිරිදි නිලා ඉබ්‍රාහිමි (Nila Ibrahimi) නම් දැරිය, ඇම්ස්ටර්ඩෑම් හි පැවති උත්සවයකදී ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගයෙන් (International Children’s Peace Prize) පිදුම් ලබා තිබෙනවා.

ඒ, ඇය ඇෆ්ගනිස්ථාන ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම නිසාවෙන්.

2021 වසරේ දී බලය අල්ලා ගත් තලේබාන් සංවිධානය විසින් සකස් කරන ලද පීඩාකාරී නීති මගින් කාන්තාවන් නිශ්ශබ්ද කරන ඇෆ්ගනිස්ථානයේ “ගැහැණු ළමයින්ගේ අයිතීන් වෙනුවෙන් නිර්භීතව සටන් කිරීම” නිසාවෙන් ඉබ්‍රාහිමිට ගෞරව කිරීම මෙම සම්මානයේ අරමුණ බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ඇය මෙලෙස සම්මාන ලැබීම, පරිසර ක්‍රියාකාරිනී Greta Thunberg සහ නොබෙල් සාම ත්‍යාගලාභී Malala Yousafzai වැන්නවුන් සිහිගන්වයි.

රටවල් 47 ක නාමයෝජනා 165කින් ඇයව මෙලෙස තෝරාගෙන ඇති අතර ඇයගේ ත්‍යාගය ප්‍රදානය කර තිබුණේ, නොබෙල් ත්‍යාගලාභී යේමන මාධ්‍යවේදී Tawakcol Karman විසින්.

සම්මානය අතැතිව නිලා ඉබ්‍රාහිමි, ”ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගය ජයග්‍රහණය කිරීම යනු, ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ හඬ ලොව පුරා දෝංකාර දීමක්…” යනුවෙන් අවධාරණය කර තිබුණා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads