Global Platform For All Sri Lankans

ගර්භාෂයේ කිලෝ දහයක ගෙඩියක්, සැත්කම සාර්ථකයි !

 

කතරගම ප්‍රදේශයේ කාන්තාවකගේ ගර්භාෂයේ ඇතිවී තිබූ කිලෝ 10ක පමණ ගෙඩියක් සාර්ථක ඉවත් කර තිබෙනවා.

මෙය සිදු කර ඇත්තේ, ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම විසින් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

තමන්ට ආහාර ගැනීමට සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති බවට පවසමින් විශේෂඥ වෛද්‍යවරයා හමුවීමට පැමිණි කතරගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙම සැත්කමට භාජනය වී තිබෙනවා.

පසුගිය (20) දිනයේ, හම්බන්තොට මහ රෝහලේදී මෙම සැත්කම සිදු කර ඇති බවත්, සැත්කමට භාජනය වූ වයස අවුරුදු 40වන කාන්තාව මේ වන විට නිරෝගී සුවයෙන් පසුවන බවත් සඳහන්.

ගර්භාෂයේ අසාමාන්‍ය ලෙස සෛල වර්ධනය වීම නිසා මෙලෙස අසාමාන්‍ය ගෙඩි හට ගැනීම සිදුවන අතර, මෙම තත්ත්වය මත උදරයේ ඇති අපහසුතා සම්බන්ධයෙන් නොසලකා හැරීමෙන් රෝගියා මිය යෑමට ඉඩ ඇති බවත් විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම වැඩිදුරටත් සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads