අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල ජීවත්වන අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන්ගේ දීමනාව මේ මස සිට එම පවුල්වලට හිමි අස්වැසුම බැංකු ගිණුමට බැර කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, අද(22) සිට රුපියල් 3000ක් වූ වැඩිහිටි දීමනාව අදාළ පුද්ගලයින්ට එම ගිණුම්වලින් ලබාගත හැකියි.
අස්වැසුම ප්‍රතිලාභී නොවන අවුරුදු 70 ට වැඩි දැනටමත් එම දීමනාව ලබන අනිකුත් වැඩිහිටියන් සඳහා එම දීමනාව පැවති ක්‍රමය අනුව අඛණ්ඩව තැපැල් කාර්යාල මගින් ලබාගත හැකියි.
අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ වැඩිහිටියන් පන් ලක්ෂ 11, 086 දෙනෙකු සඳහා රජය මෙලෙස ප්‍රතිපාදන සපයනු ලබනවා.
Author: Lanka Hit News
Post Views: 15