හිස්බුල්ලා සංවිධානයට එරෙහි ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ මධ්‍යම බේරූට් ප්‍රදේශයේ පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
එම ප්‍රහාරයෙන් තවත් 66 දෙනෙකු තුවාල ලබා ඇති අතර නැගෙනහිර ලෙබනනයේ බාල්බෙක් දිස්ත්‍රික්කයට එල්ල කළ ප්‍රහාරයකින් ළමුන් හතර දෙනෙකු ඇතුළු තවත් 13 දෙනෙකු මියගොස් තිබෙන බවයි ඔවුන් පවසන්නේ.
ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජ්‍යේෂ්ඨ හිස්බුල්ලා නිලධාරියෙකු ඝාතනය කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය අනතුරු ඇඟවීමකින් තොරව සිදු කර ඇති බවටයි .
විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ එරට ගලවා ගැනීම් කණ්ඩායම් ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි .
හිටපු නායක හසන් නස්රල්ලා ඇතුළු ජ්‍යේෂ්ඨ හිස්බුල්ලා ප්‍රධානීන් ඝාතනය කිරීමට ඊශ්‍රායලය විසින් මීට පෙර භාවිතා කළ ආයුධ වර්ගයක් වන ඊනියා බංකර් බස්ටර් බෝම්බයක් මෙම ප්‍රහාරයට භාවිතා කර ඇති බවයි ලෙබනනයේ ජාතික පුවත් ඒජන්සිය පැවසුවේ.