දිවයිනට බලපා තිබූ ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභගය අද (04) සිට යළි ආරම්භ වුණා.
විභාග පැවැත්වීමට නොහැකි වූ විෂයන් සඳහා සංශෝධිත කාල සටහනක් නිකුත් කර ඇති අතර, ඒ අනුව දෙසැම්බර් 21 වනදා සිට 31 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊට අදාළ කාලසටහන ලබන 07 වැනිදා සිසුන් වෙත ලබාදීමට නියමිත බව සඳහන්.
එසේම, වැඩිදුරටත් අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ, මීට පෙර නිකුත් කර තිබූ කාල සටහනට අනුව විභාග කටයුතු සිදු කෙරෙන බවයි.
ඒ අනුව, එම කටයුතු ලබන 20 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.
Author: Lanka Hit News
Post Views: 2