මෙරටට ආනයනය කරන ලද සහල් පාලන මිල ඉක්මවා අලෙවි කිරීමට සිදුවනු ඇතැයි සහල් තොග වෙළෙන්දන් පවසනවා.
රට තුළ පවතින සහල් හිගයට විසදුම් ලෙස පෞද්ගලික ආනයනකරුවන්ට ද සහල් ආනයනය කිරීම සදහා පසුගියදා රජය අවසර ලබා දුන්නා.
ඒ අනුවයි ආනයනකරුවන් විසින් සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇත්තේ.
සහල් මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය සදුදා නව ගැසට් නිවේදන දෙකක් නිකුත් කළා.
ඒ අනුව ආනයනික සහල් වල උපරිම සිල්ලර මිල සහ දේශීය සහල් වල උපරිම තොග මිල මෙන්ම සිල්ලර මිලද එහි අන්තර්ගතයි.
ඊයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම උපරිම මිල සීමාවන් ක්‍රියාත්මක අතර ඒ අනුව ආනයනික කැකුළු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 210ක් ලෙස එහි දැක්වෙනවා.
එමෙන්ම ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 220ක් ලෙසත් සම්බා සහල් කිලෝවක් රුපියල් 230ක් ලෙස උපරිම මිල නියම කර තිබෙනවා.
කෙසේ වෙතත්, ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් කියා සිටියේ, සහල් ආනයනය කිරීමේදී බද්ද අඩු කිරීමට රජය කටයුතු නොකරන්නේ ජත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පවතින එකඟතාවය නිසා බවයි.
දේශීය සහල් සදහා නිකුත් කෙරුණු ගැසට් නිවේදනය අනුව සුදු හා රතු කැකුළු සහල් කිලෝවක උපරිම තොග මිල රුපියල් 215ක් ලෙස දැක්වෙන අතර, එහි තොග මිල රුපියල් 220ක්.
වාෂ්පයෙන් තැම්බූ දේශීය සුදු හා රතු නඩු සහල් කිලෝවක උපරිම තොග මිල රුපියල් 255ක් ලෙස සහ උපරිම සිල්ලර මිල රුපියල් 230 ක් ලෙස සටහන් වනවා.
දේශීය සුදු සහ රතු සම්බා – කැකුළු කිලෝවක උපරිම තොග මිල රුපියල් 235 ලෙස සටහන් වන අතර උපරිම සිල්ලර මිල රුපියල් 240ක් ලෙස මිල සීමාව දක්වා තිබෙනවා.
කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255ක් ලෙසත් උපරිම සිල්ලර මිල රුපියල් 260ක් ලෙසත් අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.
මේ අතර මහාවාරි ගොවි සංවිධානයේ සභාපති පුංචිරාළ රත්නායක සහ හතමුණ බෙදුම් ඇළ ගොවි සංවිධානයේ නියෝජිතයින් ප්‍රකාශ කළේ වී සහ සහල් සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කළ යුත්තේ ගොවීන් සමග බවයි.
පාලන මිල සදහන් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදන මෝල් හිමියන්ගේ උවමනාව මත සිදුකර ඇති බවද ඔවුන් චෝදනා කළා.