Global Platform For All Sri Lankans

Lanka Hit News

ඇමරිකාවෙන් ඊශ්‍රායලයට ඩොලර් බිලියන 8ක ආයුධ විකිණීමේ සැළසුමක්

ඇමෙරිකාව ඊශ්‍රායලයට ඩොලර් බිලියන 8ක (පවුම් බිලියන 6.4ක) ආයුධ විකිණීමක් සැලසුම් කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනවා.

මෙම ආයුධ තොගයට මිසයිල,හෙල්ෆයර් මිසයිල, කාලතුවක්කු උණ්ඩ සහ බෝම්බ ඇතුළත් බවයි කියන්නේ.

ජනාධිපති ජෝ බයිඩන් ධුරයෙන් ඉවත් වීමට දෙසතියකට පමණ පෙර මෙම පියවර ගෙන ඇති බව කියයි.

පසුගිය අගෝස්තු මාසයේදීද එක්සත් ජනපදය ඊශ්‍රායලයට ප්‍රහාරක ජෙට් යානා සහ අනෙකුත් යුද උපකරණ ඩොලර් බිලියන 20ක් විකිණීමට අනුමත කරනු ලැබුවා.

ඇමරිකානු ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත්තේ ජාත්‍යන්තර නීතියට සහ ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුකූලව තම පුරවැසියන් ආරක්ෂා කිරීමට සහ ඉරානයේ සහ එහි ප්‍රොක්සි සංවිධානවල ආක්‍රමණ වැළැක්වීමට ඊශ්‍රායලයට අයිතියක් ඇති බවත්, ඔවුන් ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා අවශ්‍ය හැකියාවන් දිගටම ලබා දෙන බවයි.

ඊශ්‍රායලයට විශාලතම ආයුධ සපයන්නා ඇමරිකාව වන අතර එය ලෝකයේ වඩාත්ම තාක්‍ෂණිකව අති නවීන හමුදාවක් ගොඩනැගීමට උදව් කර ඇති බව පවසනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads