කැලිෆෝනියාවේ – සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට ටොනේඩෝ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පැයට කිලෝමීටර 96 ක වේගයෙන් ගමන් කරන සුළං හේතුවෙන් නගරයේ ඇතැම් ප්‍රදේශවලට ගිඟුරුම් සහිත වැසි පවතින බවයි ඔවුන් පවසන්නේ.
එසේම, උතුරු සහ මධ්‍ය කැලිෆෝනියාවේ දෙලක්ෂ 21,000 කට වැඩි පිරිසක් සදහා විදුලිය ද විසන්ධි වී තිබෙන බවද කියයි.
කෙසේ වෙතත් මීට පෙර කැලිෆෝනියාවේ උතුරු වෙරළෙහි ඇති වූ රික්ටර් මාපක 7.0 භූකම්පනය හේතුවෙන් නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීමෙන් සතියකට පසුව යළි මෙලෙස ටොනේඩෝ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බවයි කියන්නේ.
Author: Lanka Hit News
Post Views: 28