Global Platform For All Sri Lankans

Lanka Hit News

Search
Close this search box.

වෙබ් අඩවියේ නම වැරද්දුවාට අධිකරණ ඇමති CIDයට

 

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තමාව අපකීර්තියට පත්කිරීමට හෝ තම දේශපාලනය කෙරෙහි ඇති විශ්වාසය බිඳදැමීමේ අරමුණින් ව්‍යාජ දත්ත ඇතුළත් කිරීමක් කළා දැයි සැක සහිත බවයි.

“මම අවුරුදු 25ක නීතිඥ කේෂ්ත්‍රයේ යෙදී සිටින නීතිඥවරයෙක්. මම කවදාවත් මගේ නම ඉදිරියෙන් ආචාර්ය කියලා සඳහන් කරලා නෑ. විසිටින් කාඩ් එකක්වත් ගහලා නෑ. මම පුරවපු ජීවදත්ත තොරතුරු පත්‍රිකාවෙත් මම පැහැදිලිව එය සටහන් කරලා තිබුණා. ආචාර්ය පදවියක් තිබුණේ නෑ. කොහෙන්ද මේක එන්නේ. සමස්තයක් ලෙස අරන් බලද්දි ඕනෑම කෙනෙකුට සැකයක් මතුවෙනවා මාව අපකීර්තියට පත්කරන්න එහෙම නැත්නම් මගේ දේශපාලනය ගැන තියෙන විශ්වාසය බිඳදැමීමට ව්‍යාජ දත්ත ඇතුළත් කරාදැයි සාධාරණ සැකයක් ඕන කෙනෙක් මතුවෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍යවරයාගේ නම ‘ආචාර්ය හර්ෂණ නානායක්කාර’ යනුවෙන් පළ කර තිබූ අතර පසුව අමාත්‍යවරයා විසින් සිදුකළ පැමිණිල්ලකින් පසු එය නිවැරදි කරනු ලැබුවා.

අනතුරුව එම සිදුවීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරමින් පාර්ලිමේන්තුව විසින් ද නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

වෙබ් අඩවියේ නම වැරද්දුවාට අධිකරණ ඇමති CIDයට

  පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads