නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් රැසකට පොදු සමාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව සිරකරුවන් 389 දෙනෙකුට නිදහස හිමි වනු ඇති බවයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර එදිනට (25) රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ වැඩසටහනක් සූදානම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක කියා සිටියා.
එදින රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි දීමට අවස්ථාව හිමි වනු ඇති.
සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර තුළ ක්‍රියාත්මක කරන බවයි, ගාමිණී බී. දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Author: Lanka Hit News
Post Views: 1