Global Platform For All Sri Lankans

Lanka Hit News

බෝග 06කට අක්කරයකට රුපියල් හතලිස්දහසක වන්දි

 

පසුගිය සමයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ වගාහානි හේතුවෙන් තෝරාගත් බෝග වර්ග 06ක් සඳහා වන්දි මුදල් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, වී වගාව සඳහා උපරිම හෙක්ටයාර 02ක් දක්වා අක්කරයකට රු. 40,000 බැගින් වන්දි මුදල් ගෙවීමටයි අනුමැතිය හිමිවී ඇත්තේ,

තවද, බඩ ඉරිඟු, අර්තාපල්, මිරිස්, ලොකු ලූනු සහ සෝයා බෝංචි සඳහාද උපරිම එක් හෙක්ටයාර‍යක් දක්වා අක්කරයකට රු. 40,000 බැගින් වන්දි ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එම වන්දි මුදල් 2025 වර්ෂය සඳහා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වෙත වෙන් කරනු ලබන ප්‍රතිපාදනවලින් ලබාදීමට කටයුතු කරන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads