සී. එච්. ඇන්ඩ් එෆ්. සී. ක්‍රීඩා සමාජ ශාලාවේදී ඊයේ රාත්‍රියේ පැවැති සාදයක් අතරතුර හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු එහි සිටි පිරිසක් සමග ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.
2024 වසර අවසානය සැමරීම වෙනුවෙන් මෙම සාදය සංවිධාන කර තිබුණා.
ඊට හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අධික ලෙස බීමතින් සිට ගීතයක් ගායනා කිරීම සඳහා අවස්ථාව දෙන ලෙස ඉල්ලා තිබු බව සඳහන්.
එලෙස අවස්ථාව ලබාදුනහොත් සාදයේ සිටින සියලු දෙනාට ගීත ගයනා කිරීමට අවස්ථාව දීමට සිදුවන බව පවසමින් එහි සිටි පිරිස් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී කෝපයට පත් වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු එම ස්ථානයේදී කලහකාරී ලෙස හැසිර තිබුණා.
එහිදී නොසන්සුන් තත්ත්වයක් උද්ගත වූ අතර සාදයට එක්ව සිටි පිරිසගෙන් හිටපු අමාත්‍යවරයාට දැඩි අප්‍රසාදය පළවුණා.
අනතුරුව සංවිධායකයින් සහ සාදයට එක්ව සිටි පිරිසක් හිටපු අමාත්‍යවරයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට ද පියවර ගත්තා.
මේ සම්බන්ධයෙන් විමසීම සඳහා හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සම්බන්ධ කර ගැනීමට අප උත්සහ ගත්ත ද එය ව්‍යර්ථ වුණේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.
කෙසේ වෙතත්, මෙහිදී පහරදීමක් හෝ නොසන්සුන්තාවක් පිළිබදව මේ දක්වා පැමිණිල්ලක් ලැබී නොමැති බවයි කුරුදුවත්ත පොලිසිය සඳහන් කළේ.