මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්, රෝහල අසළ ඇති මාතලේ මහ නගර සභාවේ කසළ අංගනය හේතුවෙන් දැඩි පීඩාවකට පත් වී සිටිනවා.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු පැවසුවේ, කසළ හේතුවෙන් රෝහල තුළ දැඩි දුර්ගන්ධයක් පවතින අතර, මැස්සන් වැඩි වශයෙන් ගැවසීම නිසා රෝහලේ දැඩි සත්කාර ඒකකය හා ශල්‍යගාරය වැසී යාමේ අවදානමක් පවතින බවයි.
මාතලේ ප්‍රදේශයේ ජනතාවට අමතරව, නාවුල, ඇළහැර, බකමූණ, දඹුල්ල, වත්තේගම ඇතුළු ප්‍රදේශ රැසකින් 4,000ත් 5,000ත් අතර රෝගීන් ප්‍රමාණයක් මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට දෛනිකව ප්‍රතිකාර
ගැනීමට පැමිණෙනවා.
මාතලේ මහ නගර සභාව තම කසළ අංගනය පවත්වාගෙන යන්නේ, වැඩි ජන ගණත්වයක් සහිත මාතලේ නගර මධ්‍යයේ පිහිටි මාතලේ රෝහලට ඉතාම ආසන්නයෙන්.
ඒ හේතුවෙන් මේ වනවිට රෝහලේ කටයුතුවලට ගැටලු රැසක් මතුවී ඇති අතර රෝහල තුළ දැඩි දුර්ඝන්ධයක් ද පවතිනවා.
මෙම ගැටලුව සම්බන්ධයෙන් මාතලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ද පසුගියදා අවධානය යොමු වූ අතර රෝහල් අධ්‍යක්ෂවරයා එදින පැවසුවේ, රෝහලේ දැඩි සත්කාර ඒකකය හා ශල්‍යාගාරය වැසී
යාමේ අවදානමක් පවතින බවයි.
ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මාතලේ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු සඳහන් කළේ ඊයේ දිනයේ සිට කසළ අංගනයට කැළිකසළ බැහැර කිරීම මාතලේ මහ නගර සභාව නවතා ඇති
බවයි.
රෝහල් අධ්‍යක්ෂවරයා එලෙස පැවසුව ද අද පස්වරුවේත් එම කසළ අංගනයට මාතලේ මහ නගර සභාව මෙලෙස කසළ බැහැර කළ බව දකින්නට ලැබුණා.
රෝගී ජීවිත අවදානමේ හෙළමින්, අවට පදිංචිකරුවන්ගේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරන මෙම කසළ ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබාදීම බලධාරීන් සියලු දෙනාගේම වගකීමක්.
එය එසේ නොවන්නේ නම්, මාතලේ මහ රෝහලෙන් ඛේදවාචක වාර්තාවීම කිසිවෙකුට නවතාලිය නොහැකි බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි.