Global Platform For All Sri Lankans

Lanka Hit News

තාත්තා බාල පුතා එක්ක එකතු වෙලා , වැඩිමල් පුතා ඝාතනය කරලා

 

පූඬළුඔය පොලිස් වසමේ ඩන්සිනන්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ (30) රාත්‍රී කාලයේදී පහරදීමක් හේතුවෙන් මියගොස් ඇති බව පූඩළුඔය පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 29ක් වූ ඩන්සිනන්වත්ත, පූඩළුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු ඔහුගේ දියණිය, පියා සහ බාල සහෝදරයා සමඟ ඉහත ලිපිනයේ පදිංචිව සිට ඇති අතර, තම පියා සහ සහෝදරයා සමඟ ඇති කරගත් ආරවුලකදී ඔවුන් දෙදෙනා විසින් පොලු වලින් සහ ගල් වලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවටයි දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති බව පොලිසිය පවසනවා.

අපරාධයට සම්බන්ධ වයස අවුරුදු 46ක් හා 18ක් වන පියා සහ පුතා අත්අඩංගුවට ගෙන ඇති අතර, පූඬළුඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads