2025 වර්ෂයේ පළමු වන ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් සඳහා පන්ති ආරම්භ කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව, 2025 වර්ෂයේ දී පළමු වන ශ්‍රේණියට ඇතුළත් වන නවක සිසුන් සඳහා සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල්වල පන්ති ආරම්භ වන්නේ, 2025 ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
කෙසේ වෙතත්, මසක පමණ නිවාඩු කාලයකින් අනතුරුව දිවයිනේ පාසල් 2024 තුන්වැනි වාරය සඳහා , ජනවාරි 02 වෙනිදා එනම් අනිද්දා ආරම්භ වීමට නියමිතයි.
Author: Lanka Hit News
Post Views: 9