ගියවර පවත්වනු ලැබු පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු පත්‍රයේ, ප්‍රශ්න තුනක් කලින් පිටවීම හේතුවෙන් එම ප්‍රශ්න සඳහා නිදහස් ලකුණු තුනක් ලබාදීමට ගත් තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා. ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් සිසුන් සහ දෙමාපියන් විසින් ගොනු කරන ලද මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් 4 ක තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.
ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මීට විසඳුමක් ලෙස විශේෂඥයින් විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ තුන අතුරින් සුදුසු නිර්දේශයක් ක්‍රියාත්මක කරන ලෙසත් විභාග කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කර තිබෙනවා. එසේම මෙම ප්‍රශ්න පත්‍ර පිටවීමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් වන අයි.ජී.එස් ප්‍රේමතිලක විසින් රුපියල් මිලියන තුනක් සහ චමින්ද කුමාර විසින් රුපියල් මිලියන දෙකක්ද වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බවද එම තීන්දුවේ සඳහන්ව තිබුණා.