හෙට (01) නව වසර උදාවන විට ලෝක ජනගහනය බිලියන 8.09ක් වනු ඇතැයි ඇමෙරිකානු ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබෙනවා.
මේ අතර 2024 වසරේ ලෝක ජනගහනය මිලියන 71 කින් වැඩි වී තිබෙන බවයි ඇමෙරිකානු ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරන්නේ.
ඒ අනූව, හෙට (01) වැනිදා වනවිට ලෝක ජනගහනය 8,092,034,511ක් වනු ඇති බව පෙන්වා දෙනවා.
එමෙන්ම ලෝක ජනගහනය 2024 වසරේ ජනවාරි පළමු වැනිදාට සාපේක්ෂව 71,178,087 (0.89 %) කින් වැඩි වී ඇති බවයි ඇමෙරිකානු ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ අනූව, හෙටින් ඇරඹෙන ජනවාරි මාසයේ සෑම තත්පරයකටම උපත් 4.2ක් සහ මරණ 2ක් වශයෙන් ලෝකයේ වාර්තා වනු ඇතැයි අපේක්ෂා කරනවා.
2023 වසරේදී ලෝක ජනගහනය මිලියන 75කින් වැඩිවී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
එම වසර හා සැසඳීමේදී 2024 වසරේ ලෝක ජනගහනය ඉහළ යාමේ ප්‍රතිශතය අඩු වූ බවක් වාර්තා වන බවයි ඇමෙරිකානු ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ.