Global Platform For All Sri Lankans

Lanka Hit News

කෝච්චියේ යන සුද්දන්ව සුද්දකරන ජාවාරමක්..

 

දුම්රිය ප්‍රවේශපත් ඔන්ලයින් ක්‍රමවේදයට මිලදී ගෙන විදේශිකයින්ට වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව ඇල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී අනාවරණය වුණා.

එහිදී ඇල්ල දුම්රිය ස්ථානාධිපතිවරයා අනාවරණ කළේ, එවැනි දුම්රිය ප්‍රවේශපත් රුපියල් 40,000ක් වැනි මුදලකට අවසන් මොහොතේ විදේශිකයින්ට අලෙවි කරන බවට තොරතුරු ඇති බවයි.

ඇල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහගේ ප්‍රධානත්වයෙන්.

ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මෙහිදී දුම්රිය ප්‍රවේශපත් වංචාවක් පිළිබඳ තොරතුරු සභාවට ඉදිරිපත් කළ අතර, දුම්රිය ප්‍රවේශපත් ඔන්ලයින් ක්‍රමවේදයට යම්කිසි කණ්ඩායමක් විසින් එකවර මිල දී ගෙන පසුව ඒවා වැඩි මුදලට විදේශිකයින්ට අලෙවි කරන බව පැවසුවා.

ඇල්ල දුම්රිය ස්ථානාධිපතිවරයාද පැවසුවේ, එවන් ගැටලුවක් පවතින අතර, ඊට පිළියම් සෙවිය යුතු බවයි.

මේ අතර, ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය ආයතනය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පැවසුවේ, දුම්රිය ප්‍රවේශපත් මාෆියාව, වැනි ගැටලු මත ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයද විනාශවන බවයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ මහතා පැවසුවේ, අදාළ ගැටලුව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකර ඇති බවයි.

මේ අතර, දෙස් විදෙස් සංචාරකයින් සීගිරිය සංචාරය කිරීමේදී මුහුණපාන ගැටලු විසඳීමට පියවර ගැනීම සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වුණා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ඇමරිකාවේ හදිසි තත්වයක්, හිම කුණාටුවෙන් දැඩි බලපෑම්….

ඇමරිකාවට බලපැ ඇති දරුණු හිම කුණාටුව හේතුවෙන් එරට ප්‍රාන්ත තිහක මිලියන හැටක ජනතාවක් පීඩාවට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads