Global Platform For All Sri Lankans

Lanka Hit News

ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක්

 

නව වර්ෂයේ පළමු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය එළැඹෙන සඳුදා(06) දිනයේ දී ප්‍රකාශයට පත්කරන බව එම සමාගම පවසනවා.

එසේම, බොහෝවිට ජනවාරි මාසය සඳහා ගෑස් මිල නොවෙනස්ව පැවතිය හැකි බව ද එම සමාගම සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මිල ගණන් පහළ නොදැමුවද, මිල ගණන් ඉහළ දැමීමේ අවශ්‍යතාවක් ද නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

පසුගිය 2024 වර්ෂයට අදාළ ව දැනට ලාෆ්ස් ගෑස් මිල පවතිනුයේ, කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියල් 3,680 ලෙසටත් සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477ලෙසටත් ය.

මෙසේ ගෑස් මිල සඳුදා දිනයේ සංශෝධය නොවුනහොත් , මෙම මිල ගණන්වලටම ජනවාරි මාසය පුරාවටත් ගෑස් ලබා ගැනීමේ හැකියාව පරිභෝගිකයින්ට ලැබෙනු ඇති.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ඇමරිකාවේ හදිසි තත්වයක්, හිම කුණාටුවෙන් දැඩි බලපෑම්….

ඇමරිකාවට බලපැ ඇති දරුණු හිම කුණාටුව හේතුවෙන් එරට ප්‍රාන්ත තිහක මිලියන හැටක ජනතාවක් පීඩාවට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads