මෙරට ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගත වූ වසර බවට 2024 වර්ෂය පත්ව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඒ අනුව 2024 වසර තුළ පුද්ගලයින් 312,836 දෙනෙකු රැකියා සඳහා විදේශගතව ඇති බවයි එම කාර්යාංශය සඳහන් කළේ.
ඒ අතර පිරිමි ශ්‍රමිකයින් 185,162 හා කාන්තාවන් 127,674 ක් වනවා.
ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර එම ප්‍රමාණය 77,546ක්.
මීට පෙර වැඩිම පිරිසක් විදේශ ගතවී ඇත්තේ 2022 වර්ෂයේ වන අතර, ඉකුත් වසර 6 තුළදී එනම් 2019-2024 කාලය තුළ ලාංකිකයින් 1,300,000 ක් රැකියා සඳහා විදෙස් ගතවී තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 4