ජූලි මාසය වන විට බස් ගාස්තු අනිවාර්යෙන්ම අසීමිත ලෙස වැඩි වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
ඉන්ධන මිල පහළ දමන්නේ නම් එම සහනය ජනතාවට ලබා දෙන බවත්, එසේ ජනතාවට සහන ලබා දීමට නම් ඉන්ධන මිල පමණක් නොව අමතර කොටස් සහ භාණ්ඩ පිරිවැයත් පහල දැමීම සිදු කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.
ඔහු මේ බව පැවසුවේ අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න,
” අවුරුද්දේ මැද අනිවාර්යෙන්ම බස් ගාස්තු සංශෝධනය කරන්න සිද්ධ වෙනවා.. මොකද බස් රථයේ මිල අධික වෙලා තියෙන නිසා.. අපි බලාපොරොත්තු වුණා ඉන්ධන මිල අඩු කරයි කියලා.. හැබැයි විශේසයෙන්ම තිස් ගාණකින්වත් අඩු කරන්න ඕනේ.. අපි දැන් පාඩුවට ධාවනය කරන්නේ.. ලොකු මුදලකින් අඩු කළොත් අපි ඒ ප්‍රතිලාභය ජනතාවට දෙන්න කටයුතු කරනවා.. 4%ක ප්‍රතිශතයට ආවොත් අපි සම්පූර්ණයෙන්ම අඩු කරන්න කටයුතු කරනවා.. හැබැයි ඒක සිහිනයක් වෙයි..”