Global Platform For All Sri Lankans

Lanka Hit News

යෝෂිත CID එයි

 

අයථා වත්කම් අත්පත් කර ගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව යෝෂිත රාජපක්ෂ අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණයා.

ඔහු එසේ පැමිණියේ එම දෙපාර්තමේන්තුව ඔහුට පසුගියදා කළ දැනුම්දීමට අනුවයි.

කතරගම ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක හිමිකාරත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද දිනයේ පෙනී සිටින ලෙසටයි යෝෂිත රාජපක්ෂට එමගින් දැනුම් දී තිබුණේ.

එසේම, එම ඉඩම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හිටපු ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චිගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා පැය 04ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා ගෙන තිබුණා.

මේ අතර, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරය දරණ සමයේ සිදු වු අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සදහා ඔහු එම දෙපාර්තමේන්තුව වෙත යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ශ්‍රී ලංකා නවසීලන්ත එක්දින ක්‍රිකට් තරඟයට වර්ෂාවෙන් බාධා

නවසීලන්ත කණ්ඩායම සහ සංචාරක ශ්‍රි ලංකාව අතර දෙවන එක්දින තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුවා. හැමිල්ටන් ක්‍රීඩාංගනයේ දිවා රාත්‍රී තරඟයක් ලෙසයි

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads