ක්ලීින් ශ්‍රි ලංකා වැඩසටහනට සමගාමිව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ශ්‍රි පාද වන්දනාකරුවන් රැගෙන එන වාහන අද හදිසි පරික්ෂාවට ලක්කර තිබෙනවා.
ඒ මස්කෙලිය සිට නල්ලතන්නිය දක්වා වූ ප්‍රදේශයේදීයි. මෙහිදී මගි ප්‍රවාහන බස් රථ සහ වෑන් රථ නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් විසින් පරික්ෂාවට ලක්කර තිබුණා. මෙම පරික්ෂාවේදි වාහනවල මගින්ට අනතුරු සිදුවිය හැකි අයුරින් සවි කර තිබු විවිධ කොටස් ගලවා ඉවත් කිරිමටත් පොලිසිය කටයුතු කර තිබෙනවා.
ක්ලිනින් ශ්‍රි ලංකා වැඩසටහනට සමගාමිව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ශ්‍රි පාද වන්දනාකරුවන් රැගෙන එන වාහන සහ මස්කෙලිය සිට නල්ලතන්නිය දක්වා ධාවනය
කරන මගි ප්‍රවාහන බස් රථ, වෑන් රථ නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් විසින් අද (03) හදිසි පරික්ෂාවට ලක්කර තිබෙනවා.
මෙම පරික්ෂාවේදි වාහන වල මගින්ට අනතුරු සිදුවිය හැකි අන්තරාදායක ලෙස සවිකර තිබු අමතර කොටස් ගලවා ඉවත් කිරිමටත්, අත් තිරිංග, සංඥා ලාම්පු, ප්‍රධාන ලාම්පු ඇතුළු මොටර් රථ අඥා පනතේ වාහනයක් ධාවනය කිරිමට පනවා ඇති කරුණු 21ක් කෙරෙහි මෙම පරික්ෂාවේදි අවධානය යොමු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අඩුපාඩුකම් සහිත වාහන කිහිපයක් පොලිස් අවධානයට යොමු වු අතර, එම අඩුපාඩුකම් සපුරා ගැනිමට රියදුරන්ට දින 14 ක කාලයක් ලබාදුන් අතර, එම කාලය අතරතුර එම වාහන ධාවනය කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කරමින් වාහන වල අදායම් බලපත්‍රය පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ශ්‍රි පාද වන්දනාකරුවන් ප්‍රවාහනය කල වාහන වල අඩුපාඩුකම් සපුරාගෙන ඔවුන් පදිංචි පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරින් වෙත ඉදිරිපත් කර එහි වාර්තාවක් නල්ලතන්නිය පොලිසිය වෙත යොමු කරන ලෙසත්, එම වාර්තාව ලැබෙන තෙක් එම වාහන වලද ආදායම් බලපත්‍රය නල්ලතන්නිය පොලිස් භාරයට ගත් බවද සඳහන්.