මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් වන කේ.එම්. සරත් දිසානායක සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන් අභියාචනාධිකරණයට පත්කිරීමට අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින්.
එම නාමයන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා යවා ඇත්තේ, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.
සරත් දිසානායක සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන් දෙදෙනා ජ්‍යෙෂ්ඨතම මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් වනවා.
ඒ අනුව ඔවුන් ලබන සතියේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව සඳහන්.
Author: Lanka Hit News
Post Views: 4