වත්මන් ආණ්ඩුව විසින් ජනතාවට ලබාදුන් පොරොන්දු කඩ කර ඇති බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා.
පක්ෂ කාර්යාලයේ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා ප්‍රකාශ කළේ, නව රජය ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙනගිය වැඩපිළිවෙල ඊටත් වඩා හොඳින් ගෙනයමින් සිටින බවයි.
ජාතික ජන බලවේගය විසින් බලයට පත්වී දින කිහිපයක් තුළ විදුලිය බිල අඩු කරන බවට පොරොන්දු වුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ද රටේ බලශක්තිය පිළිබඳව ඇතුළත් කර තිබූ බවයි, අජිත් පී පෙරේරා කියාසිටියේ.
විදුලිය, ඛනිජ තෙල් සහ ගෑස් සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කරන බව අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්.
කෙසේවෙතත් ආණ්ඩුව පත්වී දින 100ක් ගතවී තිබුණ ද කිසිදු මිල සූත්‍රයක් ඉදිරිපත් නොකර ඇති බවයි, මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
ආණ්ඩුව පොරොන්දු කිසිවක් නොතකමින් පාරිභෝගික සූරාකමින් රජයට බදු අය කර ගැනීමේ විකල්ප ක්‍රමවේදයක් ලෙස විදුලි මිලෙන්, ගෑස් මිලෙන්, ඉන්ධන මිලෙන් මේ රටේ පුරවැසියාව සූරා කමින් සිටිනවා.
මේ වනවිට රට බංකොලොත්බාවයෙන් මිදී ඇති බැවින් විදුලිය, ඉන්ධන සහ ගෑස් සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කරන්න ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා ඉල්ලීමක් කළේ.