සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර අද (05) පැවැති පළමු එක්දින තරඟය කඩුලු 09කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩාම සමත්වුණා.
දෙරට අතර පවතින තරඟාවලිය තරඟ 3කින් සමන්විතයි.
කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 178ක් පමණි.
ලංකා පිළේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්රනාන්දු (56) සහ ජනිත් ලියනගේ (36) එක්ව ලකුණු 87 ක් සම්බන්ධතාවයක් ගොඩනගනු ලැබුවා.
මීට අමතර මැදපෙළ පිතිකරුවන් ලෙසින් වනිඳු හසරංග ලකුණු 35 ක් සහ චමිඳු වික්රමසිංහ ලකුණු 22 ක් බැගින් ලබා ගැනීමට සමත්වුණා.
සෙසු එකදු පිතිකරුවකු හෝ ලකුණු 10 සීමාව ඉක්මවා යාමට සමත් නොවූවා.
ලකුණු 178ක පිළිතුරු ඉනිම ක්රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 26යි එක් පන්දු දෙකක් අවසානයේ එක් කඩුල්ලක් දැවි ලකුණු 180ක් රැස් කරමින් ජයග්රහණය වාර්තා කළා.
ඒ අනුව තරඟ 3කින් යුත් එක්දින තරඟාවලිය තරඟ 1-0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම පෙරමුණ ගත්තා.