ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 34 ක් නිදහස් කිරීමට හමාස් සංවිධානය අනුමැතිය ලබා දි ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
එම පිරිස අතර කාන්තාවන් 10 දෙනෙකු , වයස අවුරුදු 50 ත්, 85 ත් අතර වයස්ගත පිරිමි පුද්ගලයින් 11 ක් සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බවට මීට පෙර සඳහන් වු ළමුන් පිරිසක්ද ඇතුළත් වන බවයි කියන්නේ.
කෙසේ වෙතත් ඊශ්‍රායල අගමැති කාර්යාලය හමාස් සංවිධානය විසින් නිදහස් කිරීමට අනුමත කළ ප්‍රාණ ඇපකරුවන් ලැයිස්තුවක් ලබා දුන් බවට පළ වූ වාර්ථා ප්‍රතික්ෂේප කරනවා.
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ගාසා තීරයෙන් ඉවත් වීමේ ගිවිසුමක් හා ස්ථිර සටන් විරාමයක් හෝ යුද්ධය මත රඳා පවතින බවයි කෙසේ වෙතත් හමාස් නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.
Author: Lanka Hit News
Post Views: 2