Global Platform For All Sri Lankans

Lanka Hit News

ඊශ්‍රායල – හමාස් ගැටුම් නවතී

ඊශ්‍රාලය හා හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පවතින යුද ගැටුම්වලට විරාමයක් දෙමින් ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කරගැනීමට දෙපාර්ශ්වයම එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව දෙරටේ ප්‍රාණ ඇපකරුවන් අදියරෙන් අදියර නිදහස් කිරීමටයි එකඟ වී ඇත්තේ.

තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති මෙම ගිවිසුම යටතේ, හමාස් සහ එහි මිත්‍ර සටන්කාමී කණ්ඩායම් 2023 ඔක්තෝබර් 7 වන දින ප්‍රහාරවලදී ඊශ්‍රායලයෙන් අල්ලා ගන්නා ලද ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඊශ්‍රායලය ඒ අනුව සිය ගණනක් පලස්තීන සිරකරුවන් නිදහස් කරනු ඇති.

මෙම ගිවිසුම මගින් වසරකට වැඩි කාලයක් තුළ ගාසා තීරයේ ජනතාවට යුද්ධයෙන් මිදීමේ පළමු අවස්ථාව උදාවනු ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව පලස්තීන සිවිල් වැසියන්ට උතුරු ගාසා තීරයට නැවත පැමිණීමට ඉඩ සැලසෙන අතර මානුෂීය ආධාර විශාල වශයෙන් ගලා එනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads