කොළඹ වරායේ සිරවී ඇති බහාලුම් සැළකිය යුතු ප්‍රමාණයක් හෙට (27) දින පෙරවරුව වනවිට නිදහස් කිරීමට හැකිවෙනු ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම සති අන්තයේ රේගු නිලධාරීන් අඛණ්ඩව සේවයේ නිරතව සිටීම හේතුවෙන් මෙලෙස එම කටයුතු කඩිනමින් සිදුකිරීමට හැකි වනු ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් බහාලුම් කඩිනමින් නිදහස් කිරීම සඳහා සෙසු පාර්ශවවලද සහය අවශ්‍ය බව ඒ මහතා පෙන්වා දුන්නා.
Author: Lanka Hit News
Post Views: 2