Global Platform For All Sri Lankans

Lanka Hit News

Search
Close this search box.

රු 35000 ක්‍රීම් ඕඩර් 25000 ක් ඩිලිවරි කරා – මගේ ආදායම ගාණ හදල බලාගන්න

piumi-arrives-cid

පසුගියදා වත්කම් ඉපැයීම සම්බන්ධ පැමිණිල්ලක් මුදල් විශුද්ධිකරන චෝදනාවන්ට ලක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂාවකට මුහුණ දෙමින් සිටින  ප්‍රසිද්ධ නිරූපන ශිල්පිණී පියුමි හංසමාලී ප්‍රකාශයක් ලබාදීමට අද (1) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණියාය.


 සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇතැයි කියමින් ලද පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට තමන්ට එන්න කියූ නමුත් තමන් අත වරදක් නැතැයි කියමින්

එහිදී ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ කියා සිටියාය.

“මට එන්න කියලා තියෙනවා කටඋත්තරයක් දෙන්න. ගිය සතියේ එන්න කිව්වේ නමුත් සෙනසුරාදා ලිපිය ලැබුණේ. තාමත් හදාගන්න බැරිවුණා ඩොකියුමන්ට් ගොඩක් තියෙනවා අපිට හදාගන්න ඕඩර්ස් 25,000ක් ගිහින් තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට තීරණය කරන්න පුළුවන් මගේ ක්‍රීම් පැක් එකක්ම 35,000ක් වගේ වෙනවා. ඒ අයට ගාණ හදලා බලන්න පුළුවන් පියුමි හංසමාලිට කොහෙන්ද සල්ලි ආවේ කියලා. වැරදි කරලා නෑනේ බය නැතුව ආවා. (35000 x 25000 = 875,000,000)

වැරදි කරපු අයනේ බය වෙන්න ඕනේ. මම දෙයක් ඉගෙන ගෙන අහිංසක බිස්නස් එකක් කරන්නේ. බෑන්ක් ස්ටේට්මන්ට් පොහොර බෑග් 5ක් වගේ තියෙනවා. අපි හැමදේම කළේ බැංකුව හරහා. මෙහෙම ප්‍රශ්න එයි කියලා හිතුවෙ නෑ.”

මිනිස්සුන්ට ඉරිසියාව තියෙනවා. හොඳ වාහනයක් පදිනකොට නැති කෙනෙක්ට ඉරිසියායි. ලංකාවේ මිනිස්සු කොහොමත් කුහකයි. ඉතින් ලංකාවේ හැමෝම කුහක නෑ. මම ඉගෙන ගෙන දෙයක් කරලා බිස්නස් කරලා වාහනයක් ගන්න බැරි ද? මම හම්බ කරලා මට හොඳ වාහන ගන්න බැරිද ?”  “
පියුමි පැවසුවාය.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads