Global Platform For All Sri Lankans

කොරියාවට යන්න ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් පැය 2 කට පසු යළි කටුනායකට

korea-sri-lankan-return

කටුනායක සිට දකුණු කොරියාවේ සෝල් අගනුවර බලා ගමන් ඇරඹූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 470 දරන ගුවන් යානය පැය 02ක පමණ ගුවන් ගමනකින් පසු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ (07) පස්වරුවේ යළි කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබේ.

එම යානයේ මගීන් 146 දෙනෙකු සිට ඇති අතර ඔවුන් වෙනත් යානයකින් සෝල් ගුවන්තොටුපොළ වෙත පිටත් කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පැවසුවේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 470 දරණ ගුවන් යානය ඊයේ (07) පස්වරු 06.20ට කටුනායක ගුවන් තොටුපොළෙන් දකුණු කොරියාවේ ඉන්චියොන් ගුවන් තොටුපොළ බලා පිටත්ව ගොස් තිබේ.

කෙසේ වෙතත් යානය ශ්‍රී ලංකා ගුවන් සීමාව පසු කිරීමට ආසන්නයේ තිබිය දී හදිසි කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර, එම අවස්ථාවේ එහි ගුවන් මගීන් 144 දෙනෙකු සහ ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිට තිබෙයි.

අනතුරුව එම යානය ආපසු හරවා පැමිණ රාත්‍රී 08.10ට පමණ නිරුපද්‍රිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට එහි නියමුවන් කටයුතු කර ඇත.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads